අමු යකඩ යනු කෝක් අඟුරු වැනි අධි-කාබන් ඉන්ධනයක් හා සමගද, ස්‍යන්දයක් වශයෙන් හුණු ගල් හා සමගද යපස් උණුකිරීමේදී තැනෙන අතරමැදි ඵලයකි. ඉන්ධනය වශයෙන් අඟුරු සහ ඇන්ත්‍රසයිට් ද භාවිතා කරයි. අමු යකඩ කාබන් මෙන්ම, දර්ශීය වශයෙන් 3.5–4.5%, සිලිකා සහ බොරයෙහි අනෙකුත් සංඝටක අන්තර්ගතයෙන් ඉතා ඉහළ වන අතර, මේ නිසා එය මහත් පහසුවෙන් කැඩෙන සුළු වෙන බැවින් සීමිත භාවිතයන්හී හැරුණු විට ද්‍රව්‍යයක් වශයෙන් සෘජු ලෙසින් භාවිතයට සුදුසු නොවේ.
මෙම ලෝහ කුට්ටි සඳහා භාවිතාවූ අච්චු වල සාම්ප්‍රදායික හැඩය වූයේ වැලි පසුබිමක සකස්කෙරුණු අතු බෙදී ගිය ව්‍යුහයක් වන අතර, මධ්‍යම බස්නාවක් හෝ මගක් වෙතට ලම්භකව බොහෝ තනි තනි ලෝහ කුට්ටි සදයි. ඊරියකගේ බුරුල්ලෙන් කිරි උරා බොන ඌරු පැටවුන් රැළකගේ මුහුණුවරක් එවන් ආකෘතියකට ඇත. ලෝහය සිසිල්වී ඝණිභවනය වූ විට, වඩාත් සිහින් බස්නාව (ඉහත ප්‍රතිසාම්‍යය පරිදී ඊරිය) වෙතින්, කුඩා ලෝහ කුට්ටි ( ඉහත ප්‍රතිසාම්‍යය පරිදී ඌරන්) කඩා වෙන් කර ගන්නා අතර, එම නිසාම අමු යකඩ සඳහා ඉංග්‍රීසියෙන් භාවිතා වන පිග් අයන් (සෘජු සිංහල පරිවර්ථනය ඌරු යකඩ ) යන්න යෙදී ඇත. අමු යකඩ භාවිතා කරන්නේ යළි-උණුකිරීම සඳහා පමණක්ම බැවින්, ලෝහ කුට්ටි වල තරමෙහි විෂම බව සහ සුළු ප්‍රමාණයන්ගෙන් වැලි අඩංගු වීම යන කරුණු වලින් ඇතිවන අපහසුව වාත්තු කිරීමෙහි සහ පරිහරණයෙහි පහසුව හා සමග සැසඳීමෙහිදී නොසැලකිය යුතු තරම්ය.
චොවු රාජවංශයේ (ක්‍රිපූ 1122–256) අගභාගයේදී චීන ජාතිකයෝ අමු යකඩ තැනූහ. පශ්ච මධ්‍යතන යුග (1350–1500) වන තුරු, යුරෝපයෙහි, මෙම ක්‍රියාවලිය සොයා ගෙන නොතිබුණි. සත්‍ය වශයෙන් පවසතොත්, මධ්‍යතන තාක්ෂණය හමුවේ, වානේ බවට අමු යකඩ කාබන්හරණය කිරීම අතීශයින් වෙහෙස කරවන ක්‍රියාවලියක් වූ නිසා, උෂ්මකයේදී ද්‍රව බවට යකඩ කලාප සංක්‍රමණය කිරීම මග හරින ලද සංසිද්ධියක් විය.
අමු යකඩ, සාම්ප්‍රදායික ලෙසින්, සියුම්තර පට්ටලයෙහිදී සහ පසුව ඇළලුම් උෂ්මකයෙහිදී, සිද්ධ යකඩ බවටද මෑත කාලයෙහිදී වානේ බවටද හැරවෙයි.
{{cite book}}
: Unknown parameter |coauthor=
ignored (|author=
suggested) (help)