ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා | |
---|---|
උපත | 18 පෙබරවාරි 1745 |
මියගිය දිනය | 5 March 1827 | (වයස 82)
ජාතිකත්වය | ඉතාලියානු |
ප්‍රසිද්ධව ඇත්තේ | විදුලි කෝෂය සොයාගැනීම මීතේන් වෝල්ට් වෝල්ටීයතාවය වෝල්ට්මීටරයසොයාගැනීම |
සම්මාන | කොප්ලි පදක්කම (1794) ලීජන් ඔෆ් ඔනර් ඕඩර් ඔෆ් දි අයන් ක්‍රවුන් |
Scientific career | |
ක්ෂේත්රය | භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව |
ඇලෙස්සැන්ඩ්‍රෝ ජුසෙප්පෙ අන්තෝනියෝ ආනාස්ටාසියෝ වෝල්ටා (පෙබරවාරි 18, 1745 – මාර්තු 5, 1827) යනු, ඉතාලියානු භෞතික විද්‍යාඥයෙක් වන අතර 1799දී ඔහු විසින් සොයාගැනුනු සහ 1800දී ඔහු විසින් දෙකොටසක ලිපියක් මගින් රාජකීය සංගමයෙහි සභාපති වෙත එහි ප්‍රතිඵල වාර්තා කරන ලද, පළමු විද්‍යුත් බැටරිය වූ වෝල්ටීය පුංජය සොයාගැනුම පිළිබඳ කීර්තිය හිමිවන්නා වෙයි. මෙම සොයාගැනුම හා සමගම වෝල්ටා විසින් ඔප්පු කරන ලද්දේ, රසායනික ලෙසින් විද්‍යුතය නිපදවිය හැකි බවත්, විද්‍යුතය නිපැයෙන්නේ ජීවින් විසින් පමණක් බවට එතෙක් පැවති මතය පදනම් විරහිත බවත්ය. වෝල්ටාගේ සොයාගැනුම විසින් මහත් ආකාරයක විද්‍යාත්මක උද්වේගයක් ජනිතවූ අතර, අනෙකුන් විසින්ද එවන් පර්යේෂණ සිදුකිරීමට අවකාශ ඇතිකරමින් අත්‍යන්තයෙහිදී විද්‍යුත් රසායන විද්‍යාව ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමට මග පෑදීය.
ඔහුගේ සොයාගැනීම් නිසා, නැපෝලියන් බොනපාට්ගේ පවා අගය කිරීමට ලක්වීමට ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා හට හැකි වූ අතර, ප්‍රංශ ආයතනය වෙත පැමිණි එම ආයතනයේ සාමාජිකයන් වෙත ඔහුගේ සොයැගැනීම ප්‍රදර්ශනය කර දක්වන ලෙස ආරාධනාද ලැබීය. ඔහුගේ ජීවිත කාලය පුරාවටම, අධිරාජයා හා සමග කිසියම් ආකාරයක සඹිපතාවයක් පවත්වා ගෙන යෑමට වෝල්ටාට හැකිවූ අතර ඔහු විසින් බොහෝ බුහුමන් වෝල්ටා වෙත පිරිනැමිණි. පර්යේෂණාත්මක භෞතික විද්‍යාව පිළිබඳ පවීයා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවිය වසර 40 ක් පමණ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් දැරූ අතර, ඔහුගේ ශිෂ්‍යයන් විසින් ඔහුට අතිශයින් ගෞරව දක්වන ලදි.
ඔහුගේ අභිවෘත්තිමය සඵලත්වය මෙසේ වුවද, පවුල් ජීවිතය වෙත ඇලුම්බවක් දැක්වූ පුද්ගලයෙක් බවට නැඹුරුතාවයක් වෝල්ටා වෙත දිස්වූ අතර ඔහුගේ දිවියේ අවසන් කිහිපය කුල මෙය පැහැදිලි ලෙස ප්රදක්ෂිණා විය. මෙම කාලයේදී ප්‍රසිද්ධ ජීවිතයෙන් සම්පූර්ණයෙන් බැහැරව සිටි ඔහු, 1823 වසරෙහිදී ඇරඹුනු ව්‍යාධි මාලාවක ප්‍රතිඵල ලෙසින් 1827 වසරෙහිදී සිදුවූ අත්‍යන්ත මරණය දක්වාම, ඔහුගේ පවුල වෙනුවෙන් පමණක් දිවි ගෙවීය. විද්‍යුත් විභවය සඳහා එස්අයි ඒකකය, ඔහුට ගරුකිරීමක් ලෙසින් වෝල්ට් ලෙසින් නම් කර ඇත.
වර්තමාන උතුරු ඉතාලියේ ( ස්විස් දේශසීමාව අසබඩ) පිහිටි කෝමෝ නගරයෙහිදී, 1745 පෙබරවාරි 18 දිනදී වෝල්ටා උපත ලැබීය.
{{cite web}}
: External link in |website=
(help)
{{cite web}}
: External link in |website=
(help)