ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් Astrid Lindgren උපත ඇස්ට්‍රිඩ් ඇනා එමිලියා එරික්සන් 14 නොවැම්බර් 1907(1907-11-14 ) විමර්බි, ස්මලන්ඩ්, ස්වීඩනය විපත 28 January 2002(2002-01-28) (වයස 94) ස්ටොක්හෝම්, ස්වීඩනය වෘත්තිය කතුවරියක භාෂාව ස්වීඩන් ජාතිකත්වය ස්වීඩනය කාලසීමාව 1944 ප්‍රභේදය ළමා කථා ප්‍රබන්දක, තිර රචක සංගණ්‍ය ප්‍රණාමය(න්) Hans Christian Andersen Award ලෙඛනය වෙනුවෙන් 1958 Right Livelihood Award 1994
ඇස්ට්‍රිඩ් ඇනා එමිලියා එරික්සන් (1907 නොවැම්බර් 14– 2002 ජනවාරි 28) යනු ස්වීඩන් ජාතික කතුවරියක් සහ තිරරචන ලේඛිකාවකි. ළමා කථා රචිකාවියක් ලෙස ජනප්‍රසාදයට ලක්වූ ඇගේ ග්‍රන්ථ ලොව පුරා මිලියන 144 කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙයි. 2013 මැයි වන විට, ලොව වැඩිම පරිවර්ථන ගණනකට ලක්වූ ග්‍රන්ථ කතුවරු අතරින් 18 වන ස්ථානය ඇයට හිමිවී තිබෙයි.
ජීවිත කතාව
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් 1924 දී ගන්නා ලද ඡායාරූපයක්
ඇස්ට්‍රිඩ් හැදී වැඩුනේ විමර්බි (Vimmerby), ස්මලන්ඩ් (Småland) හී නස් (Näs) වලයි. ඇගේ ග්‍රන්ථ බොහොමයකට පාදක වී තිබෙන්නේ ඇගේ එම ළමා කාලයේ මතකයන් හා සිදුවීම් වේ.
ඇස්ට්‍රිඩ් ගේ මාපියන් වූවේ සැමුවෙල් ඔගස්ට් එරික්සන් සහ හනා ජොන්සන් දෙපලයි. ඇයට සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයෙකු සිටියහ. ඇගේ එම සහෝදරයා පසු කලෙක ස්වීඩන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් බවටද පත්විණි.
පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව ඇස්ට්‍රිඩ්, විමර්බි වල පුවත්පත් කාර්යාලයක සේවය කල අතර එහිදී එහි ප්‍රධාන සංස්කාරක අතින් ඇය ගැබ්බර වූවාය. ඔහු ඇයව විවාහ කරගැනීමට කැමැත්ත පල කලද එය ප්‍රතික්ෂේප කල ඇස්ට්‍රිඩ් ස්ටොක්හෝම් වෙත සංක්‍රමණය වූවාය. එහිදී ඇය යතුරු ලිවීමට සහ ලඝු ලේඛනය කිරීමට ඉගෙන ගත්තාය. මේ කාලයේ කෝපන්හේගන් තුලදී සිය ප්‍රථම පිරිමි දරුවා, ලාර්ස් (Lars) බිහිකල ඇස්ට්‍රිඩ්, ඔහුව හදා වඩා ගැනීමට පවුලකට භාර දෙන ලදී.
කොතරම් අගහිඟකම් ඇතිවූවත්, ඇස්ට්‍රිඩ් සිය දරුවා අතනොහරිමින් අවසානයේ දරුවා හදාවඩා ගැනීමට දුන් පවුලෙන් නැවතත් දරුවා ඇය වෙතට ලබා ගන්නා ලදී.
1931 දී, ඇස්ට්‍රිඩ් රැකියාව කල ස්ථානයේ ප්‍රධානියා වූ ස්ටුවර් ලින්ඩ්ග්‍රෙන් (Sture Lindgren (1898–1952)) සමග විවාහ වුනු අතර 1934 දී ඔහුට දාව දෙවන දරුවා වූ කරින් (Karin) ඇය බිහි කලාය.
1941 දී ඔවුහු ඩලගටන් (Dalagatan) හි නිවාසයකට සංක්‍රමණය වූ අතර, වයස අවුරුදු 94 දී, එනම් 2002 වසරේදී ඇස්ට්‍රඩ් මිය යන තුරුම වාසය කලේ එම නිවසෙයි.
මිය යාමට වසර කිහිපයකට පෙර ඇස්ට්‍රිඩ් අන්ධභාවයෙන් පෙළුනාය.
වෘත්තිය දිවිය
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්, 1994දී , රයිට් ලයිව්ලිහුඩ් සම්මානය (Right Livelihood Award) ස්වීඩන් පාර්ලිමේන්තුවේදී ලැබුවාය.
කතුවරියක් වීමට පෙර ඇස්ට්‍රිඩ් මාධ්‍යවේදිනියක් සහ 1993 ස්වෙඩිෂ් ග්‍රෝන් ප්‍රී හී ලේකම්වරියක ලෙස සේවය කලාය.
1944 දී Rabén & Sjögren විසින් පැවැත්වනු ලැබූ ලේඛක තරඟයක දෙවන ත්‍යාගය ඇස්ට්‍රිඩ්ගේ Britt-Marie lättar sitt hjärta (Britt-Marie unburdens her heart ) නවකථාව වෙනුවෙන් හිමිවිය. ඉන් වසරකට පසු එම තරඟයේම Rabén & Sjögren ප්‍රථම ත්‍යාගය ඇගේ Pippi Långstrump (Pippi Longstocking ) නවකථාව සඳහා හිමිවිය. එම නවකථාව මේ වන විට ලොව පුරා භාෂා 60 කට පමණ පරිවර්ථනය වී තිබේ.
1956 දී, ඇස්ට්‍රිඩ් ගේ Mio, min Mio (Mio, My Son ) නවකථාවේ ජර්මානු සංස්කරණය ඉහල ඇගයීමකට පාත්‍ර විය. 1956–1975 කාලය තුල ග්‍රන්ථ 16 ක් පමණ ඇස්ට්‍රිඩ් රචනා කලාය.
1958 වසරේදී, ඇස්ට්‍රිඩ්Rasmus på luffen (Rasmus and the Vagabond ) ග්‍රන්ථය වෙනුවෙන් දෙවන Hans Christian Andersen Medal ඇගයීම් සම්මානය ලබා ගත්තාය.
දරුවන්ගේ සහ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය කල සේවය නිසා 1994 දී, ඇස්ට්‍රිඩ්ට Right Livelihood Award සම්මානය පිරිනැමුණි.
බුහුමන් සහ සමරු
විස්බි Kneippbyn හි ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ගේ ප්‍රතිනිර්මාණය
1967 දී, එනම් ඇස්ට්‍රිඩ් ගේ 60 වන උපන් දිනය දා, Rabén & Sjögren විසින් "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සම්මානය" නමින් සාහිත්‍ය සම්මානයක් වාර්ෂිකව ස්වීඩන් ජාතික ළමා කතුවරු වෙනුවෙන් ඇති කරන ලදී. එම ත්‍යාගය ස්වීඩන් ක්‍රෝනර් 40,000, පමණ වටිනාකමකින් යුක්ත වෙයි.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ මරණයෙන් අනතුරුව එරට රජය විසින් "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් අනුස්මරණ සම්මානය" නමින් ස්වීඩන් ක්‍රෝනර් මිලියන 5 ක මුදල් ත්‍යාගයක්, ළමා හා තරුණ සාහිත්‍යය වෙනුවෙන් පිහිටුවන ලදී.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ සත්‍ය අත් පිටපත් එකතුවක් ස්ටොක්හෝම් හී Kungliga Biblioteket රාජකීය පුස්ථකාලයේ තැම්පත් කර ඇති අතර, එම පුස්ථකාලය 2005 වසරේදී යුනෙස්කෝ වේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් විය.
2011 අප්‍රියෙල් 6 දින, බෑන්ක් ඔෆ් ස්ව්ඩන් ප්‍රකාශයක් කොට කියා සිටියේ, ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ රුව සහිත ක්‍රෝනර් 20 ක වටිනාකම සහිත බැංකු නෝට්ටුවක් 2014–15 කාලය තුල මුදා හරින බවයි.
"ඇස්ටරොයිඩ් ලින්ඩ්ග්‍රෙන්"
1978 දී සෝවියට් තාරකා විද්‍යඥයෙකු වූ Nikolai Stepanovich Chernykh විසින් හඳුනාගත් ඇස්ටරොයිඩයක්, "3204 Lindgren" ලෙස නම් කරන ලදී. මෙම නම් කිරීම ගැන අදහස් දක්වමින් ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කියා සිටියේ මින් පසු ජනතාව මා "ඇස්ටරොයිඩ් ලින්ඩ්ග්‍රෙන්" ලෙස හඳුන්වනු ඇත කියායි.
"ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත"
ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කෞතුකාගාරය
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් මිහිදන් කල ස්ථානය
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සිහිවීම පිණිස ඇගේ ළමා කල නිවහනට යාබදව "Källa Astrid" ("ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත) නමින් පොකුණක් නම් කර ඇත.
වර්ථමානයේ ඇස්ට්‍රිඩ් ගේ ළමා කල නිවහන පොදු ජනතාව වෙත දැකබලාගත හැකි ලෙස විවෘත කොට ඇති අතර ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පතට මීටර 100 ක් පමණ දුරින් ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කෞතුකාගාරයද පිහිටුවා ඇත. ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් මිහිදන් කල "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් වර්ල්ඩ්" (Astrid Lindgrens World) උද්‍යානයද ඒ ආශ්‍රිතවම ඉදි කොට තිබේ.
රචනා කල ග්‍රන්ථ
අතිශය ජනප්‍රියත්වයට පත් වූ ග්‍රන්ථ
Pippi Longstocking
Karlsson-on-the-Roof
Emil of Lönneberga
Bill Bergson
Madicken
Ronia the Robber's Daughter
Seacrow Island
The Six Bullerby Children / The Children of Noisy Village
Mio, My Son
The Brothers Lionheart (ද බ්‍රදර්ස් ලයන්හාට් )
ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය වූ ග්‍රන්ථ
A Calf for Christmas
Brenda Helps Grandmother
The Children of Noisy Village
The Children on Troublemaker Street
Christmas in Noisy Village
Christmas in the Stable
Circus Child
The Day Adam Got Mad
Dirk Lives in Holland
The Dragon With Red Eyes
Gerda Lives in Norway
Emil and the Bad Tooth
Emil and His Clever Pig
Emil Gets into Mischief
Emil in the Soup Tureen
Emil's Little Sister
Emil's Pranks
Emil's Sticky Problem
The Ghost of Skinny Jack
Happy Times in Noisy Village
I Don't Want to Go to Bed
I Want a Brother or Sister
I Want to Go to School Too
Kati in America
Kati in Italy
Kati in Paris
Lotta
Lotta's Bike
Lotta's Christmas Surprise
Lotta's Easter Surprise
Lotta Leaves Home
Lotta on Troublemaker Street
Markos Lives in Yugoslavia
Marje
Marje to the Rescue
Matti Lives in Finland
Mirabelle
Mischievous Martens
Mischievous Meg
Most Beloved Sister
My Nightingale Is Singing
My Swedish Cousins
My Very Own Sister
Nariko-San, Girl of Japan
Noby Lives in Thailand
Rasmus and the Vagabond ; also Rasmus and the Tramp —Rasmus på luffen , 1956, filmed in 1955 and 1981 (below)
The Red Bird
The Runaway Sleigh Ride
Scrap and the Pirates
Sea Crow Island
Siva Lives on Kilimanjaro
Simon Small Moves In
Springtime in Noisy Village
That's Not My Baby
The Tomten
The Tomten and the Fox
The World's Best Karlson
චිත්‍රපට
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ කෘති ඇසුරින් නිපදවූ චිත්‍රපට ලැයිස්තුව. බොහොමයක් චිත්‍රපට ස්වීඩනයේත්, රුසියාවේත් නිපදවා ඇත.
Mästerdetektiven Blomkvist (1947) – අධ්‍යක්ෂණය: Rolf Husberg
Pippi Långstrump (1949) – අධ්‍යක්ෂණය: Per Gunwall
Mästerdetektiven och Rasmus (1953) – අධ්‍යක්ෂණය: Rolf Husberg
Luffaren och Rasmus (1955) – අධ්‍යක්ෂණය: Rolf Husberg
Rasmus, Pontus och Toker (1956) – අධ්‍යක්ෂණය: Stig Olin
Mästerdetektiven Blomkvist lever farligt (1957) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Alla vi barn i Bullerbyn (1960) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Bara roligt i Bullerbyn (1961) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Vi på Saltkråkan (1964) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Tjorven, Båtsman och Moses (1964) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Tjorven och Skrållan (1965) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Tjorven och Mysak (1966) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Skrållan, Ruskprick och Knorrhane (1967) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Malysh i Karlson (1968) – අධ්‍යක්ෂණය: Boris Stepantsev
Pippi Långstrump (1969, සංස්කරණය 1968–69 TV series) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Här kommer Pippi Långstrump (1969, සංස්කරණය 1968–69 TV series) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Karlson vernulsya (1970) – අධ්‍යක්ෂණය: Boris Stepantsev
På rymmen med Pippi Långstrump (1970) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Pippi Långstrump på de sju haven (1970) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Emil i Lönneberga (1971) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Nya hyss av Emil i Lönneberga (1972) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Emil och griseknoen (1973), Emil and the Piglet – අධ්‍යක්ෂණය: Olle Hellbom
Världens bästa Karlsson (1974) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Priklyucheniya Kalle-syschika (1976) – අධ්‍යක්ෂණය: Arūnas Žebriūnas
Bröderna Lejonhjärta (1977) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Du är inte klok, Madicken (1979) – අධ්‍යක්ෂණය: Göran Graffman
Madicken på Junibacken (1980) – අධ්‍යක්ෂණය: Göran Graffman
Rasmus på luffen (1981) – අධ්‍යක්ෂණය: Olle Hellbom
Peppi Dlinnyychulok (1982) – අධ්‍යක්ෂණය: Margarita Mikaelyan
Ronja Rövardotter (1984) – අධ්‍යක්ෂණය: Tage Danielsson
Emila nedarbi (1985) – අධ්‍යක්ෂණය: Varis Brasla
Alla vi barn i Bullerbyn (1986) – අධ්‍යක්ෂණය: Lasse Hallström
Mer om oss barn i Bullerbyn (1987) – අධ්‍යක්ෂණය: Lasse Hallström
Mio, min Mio (1987) – අධ්‍යක්ෂණය: Vladimir Grammatikov
Kajsa Kavat (1988) – අධ්‍යක්ෂණය: Daniel Bergman
The New Adventures of Pippi Longstocking (1988) – අධ්‍යක්ෂණය: Ken Annakin
Godnatt herr luffare! (1988) – අධ්‍යක්ෂණය: Daniel Bergman
Allrakäraste syster (1988) – අධ්‍යක්ෂණය: Göran Carmback
Ingen rövare finns i skogen (1988) – අධ්‍යක්ෂණය: Göran Carmback
Gull-Pian (1988) – අධ්‍යක්ෂණය: Staffan Götestam
Hoppa högst (1988) – අධ්‍යක්ෂණය:Johanna Hald
Nånting levande åt Lame-Kal (1988) – අධ්‍යක්ෂණය: Magnus Nanne
Peter och Petra (1989) – අධ්‍යක්ෂණය: Agneta Elers-Jarleman
Nils Karlsson Pyssling (1990) – අධ්‍යක්ෂණය: Staffan Götestam
Pelle flyttar till Konfusenbo (1990) – අධ්‍යක්ෂණය: Johanna Hald
Lotta på Bråkmakargatan (1992) – අධ්‍යක්ෂණය: Johanna Hald
Lotta flyttar hemifrån (1993) – අධ්‍යක්ෂණය: Johanna Hald
Kalle Blomkvist – Mästerdetektiven lever farligt (1996) – අධ්‍යක්ෂණය: Göran Carmback
Kalle Blomkvist och Rasmus (1997) – අධ්‍යක්ෂණය: Göran Carmback
Pippi Långstrump (1997, animated) – අධ්‍යක්ෂණය: Clive Smith
Pippi i Söderhavet (1999, animated) – අධ්‍යක්ෂණය: Paul Riley
Karlsson på taket (2002, animated) – අධ්‍යක්ෂණය: Vibeke Idsøe
මූලාශ්‍ර
භාහිර සබැදි
Persondata
NAME
Lindgren, Astrid
ALTERNATIVE NAMES
Lindgren, Astrid Anna Emilia; née Ericsson
SHORT DESCRIPTION
Swedish children's writer
DATE OF BIRTH
14 November 1907
PLACE OF BIRTH
Näs, Vimmerby , Småland , Sweden
DATE OF DEATH
28 January 2002
PLACE OF DEATH
Stockholm , Sweden