සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අරහත් යන තුන්තරා බෝධියට පමුණුවන ලෝකෝත්තර කුසල ධර්ම දස පාරමිතා නම් වෙති. ලෞකික සැප සම්පත් පතා කරන කුසලයෙන් ලෞකික සැප සම්පත්ම පමණක් ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ.එ බැවින් ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුසලයෝ පාරමී සංඛ්‍යාවට අයත් වෙති.
"දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං ඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස"
යනුවෙන් මෙම ගාථාවේ සදහන් වන පරිදි එම දස පාරමිතා මෙසේය,
1. දාන
2. ශීල
3. ඛන්ති
4. වීර්ය
5. ධ්‍යාන
6. ප්‍රඥා
පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පුර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැක.
ථේරවාදි බුදු දහමේ බුද්ධ වංශය, ජාතක පොත යන ග්‍රන්ථවල පාරමිතා පිළිබඳ සඳහන් වේ. එමනිසා පාරමිතා මුල් බුදු දහමේ අංගයක් ලෙස සැලකෙන නමුත් සූත්‍ර පිටකයේ පාරමිතා පිළිබඳ සඳහන් නොවීම නිසා මෙය අර්ධ මහායාන මතයක් බවට අදහසක් පවතී.
අවසානයට සඳහන් මෙත්තා හා උපේක්ඛා සතර බ්‍රහ්ම විවරණයේද කොටසකි.