මයිකල් බොන්ඩ්

මයිකල් බොන්ඩ්

උපත
තෝමස් මයිකල් බොන්ඩ්

13 ජනවාරි 1926(1926-01-13)
මියගිය දිනය27 June 2017(2017-06-27) (වයස 91)
ලන්ඩනය, එංගලන්තය
ජාතිකත්වයබ්‍රිතාන්‍යය
රැකියාවගත්කතුවරයා
සක්‍රීය වසර1945–2017
ප්‍රධාන නිර්මාණ
පැඩිංටන් බෙයාර් කථාමාලාව
කලත්‍රයා(යන්)
  • බ්‍රෙන්ඩා මේරි ජොන්සන්
    (m. 1950⁠–⁠ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)
  • සූසන් මාර්ෆ්‍රයි රොජර්ස්
    (m. 1981; ඔහුගේ මරණය ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)
දරුවන්2

තෝමස් මයිකල් බොන්ඩ් CBE (13 ජනවාරි 1926 – 27 ජූනි 2017) යනු බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකි. ඔහු වඩාත් පසිඳු වූයේ, අපිනාමික චරිතය විදහාදැක්වෙන පැඩිංටන් බෙයාර් කථාමාලාව ලිවීම වෙනුවෙනි. මිලියන 35 කට වැඩි පැඩිංටන් පොත් සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇති අතර ඒවායේ හමුවන චරිත චිත්‍රපට හා රූපවාහිනියෙහි විදහාදක්වා ඇත. ඔහුගේ පළමුවන පොත ප්‍රකාශයට පත් කෙරුණේ 1958 වසරෙහිදී වන අතර, අවසන් පොත 2017 දී එළිදැක්වෙමින් වසර 59 ක කාලපරාසයක් සනිටුහන් කෙරිණි. 2015 වසරෙහිදී රැජිණගේ උපන්දින සම්මාන පිරිනැමීමෙහිදී, බොන්ඩ් වෙත කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් ප්‍රදානය කෙරිණි.

මුල් දිවිය

පැඩිංටන්හී සෙන්ට් මේරීස් චතුරස්‍රයෙහි පිහිටුවා ඇති, බොන්ඩ් නිරූපණය කෙරෙන කලාත්මක පිහිටැවුමක්

නිව්බරි, බර්ක්ෂයර් හිදී තෝමස් මයිකල් බොන්ඩ් උපන්නේ 1926 ජනවාරි 13 දිනදීය. ඔහු ඇතිදැඩි වූයේ රීඩිං, බර්ක්ෂයර්හිදී වන අතර, එහිදී කෝර්නිෂ් රිවේරියා එක්ස්ප්‍රස් දුම්රිය නැරඹීමට රීඩිං දුම්රිය ස්ථානය වෙත ඔහුගේ චාරිකාවන් නිසා දුම්රියන් වෙත ඔහුගේ ප්‍රියමනාප බව ඇරඹිනි. ඔහුගේ පියා තැපැල් සේවයෙහි කළමනාකරුවෙකු විය.

ගත්කතුවරයා

බොන්ඩ් විසින් ගත්කතුවරණය ඇරඹුවේ 1945 වසරෙහිදී යුද්ධ හමුදාව සමගින් කයිරෝවෙහි ස්ථානගතව සිටින විටදී වන අතර, ඔහුගේ පළමුවන කෙටිකතාව ලන්ඩන් ඔපීනියන් සඟරාවට විකුණන ලදි. ගිනි හතක මුදලක් මෙය වෙනුවෙන් ඔහුට ගෙවන ලද අතර, ඔහු සිතුවේ "ලේඛකයෙකු වීම එතරම් නරක නොවන බවය".

සම්මාන

ළමා සාහිත්‍යයට ඔහුගේ දායකත්වයන් අගැයීමක් වශයෙන්, 1997 උපන්දින සම්මාන තුලදී, ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් (ඕබීඊ) හී නිලධාරියෙකු ලෙසින් බොන්ඩ් පත්කෙරුණු අතර 2015 උපන්දින සම්මාන තුලදී කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් යන්න ප්‍රදානය කෙරිණි (සීබීඊ).

පුද්ගලික දිවිය

බොන්ඩ් දෙවරක් විවාහ විය —1950 දී බ්‍රෙන්ඩා මේරි ජොන්සන් සමග විවාහ වූ අතර, ඇය වෙතින් 1970 ගණන් වලදී බොන්ඩ් වෙන් විය; ඉන්පසු, ඔහුගේ දික්කසාදය පිළිබඳ කටයුතු නිමවූ සැණින් පාහේ 1981දී සූසන් මාර්ෆ්‍රයි රෝජර්ස් සමගින් විවාහ විය. ඔහු හට දරුවන් දෙදෙනෙකු විය.

මරණය

වසර 91 ක් ආයු වැළඳූ බොන්ඩ්, 2017 ජූනි 27 දිනදී ලන්ඩනයෙහිදී, මියගියේය. මරණයට හේතුව නොදැක්විණි.

පුස්තක නාමාවලිය

පැඩිංටන් බෙයාර් කථාමාලාව

ඔල්ග ඩ පොල්ගා කථාමාලාව

පරිච්ඡේද පොත්

චිත්‍ර පොත්

මසිය පොම්ප්ලූස් කථාමාලාව

වෙනත්

ආශ්‍රිත

  1. "බර්ත්ඩේ ඔනර්ස් 2015: වොන් මොරිසන් ඇන්ඩ් කෙවින් ස්පේසි හෙඩ් ලිස්ට්". බීබීසී නිවුස්. බීබීසී. 13 ජූනි 2015.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; The Guardian 28 November 2014 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ආකිපෙලෙගෝ, වර්ල්ඩ්. "මයිකල් බොන්ඩ්". හාපර්කොලින්ස් යූකේ (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-06-28.
  4. "No. 54794". The London Gazette (Supplement): 10. 13 ජූනි 1997.
  5. ලැම්බර්ට්, වික්ටෝරියා (31 අගෝස්තු 2016). "පැඩිංටන් බෙයාර් ක්‍රියේටර් මයිකල් බොන්ඩ්: 'අයි කුඩ් හෑව් පේස්ටඩ් මයි රූම් විත් රිජෙක්ෂන් ස්ලිප්ස්. බට් අයි නෙවර් ගේව් අප්'" (en-GB බසින්). ද ටෙලිග්‍රාෆ්. http://www.telegraph.co.uk/men/thinking-man/paddington-bear-creator-michael-bond-i-could-have-pasted-my-room/. 
  6. මයිකල් බොන්ඩ්, පැඩිංටන් බෙයාර් ක්‍රියේටර්, ඊස් ඩෙඩ් ඇට් 91 ද නිව්යෝර්ක් ටයිම්ස්, ජූනි 28, 2017
  7. නිකෙලස් ලෙසාර්ඩ් (19 ජනවාරි 2005). "ක්ලැසික් ඔෆ් ද මන්ත්: අ බෙයාර් කෝල්ඩ් පැඩිංටන් බයි මයිකල් බොන්ඩ්". ද ගාඩියන් (ලන්ඩනය). https://www.theguardian.com/books/2005/jan/19/buildingachildrenslibrary.booksforchildrenandteenagers. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2008. 
  8. "ඉන් ප්‍රේස් ඔෆ්...පැඩිංටන් බෙයාර්". ද ගාඩියන් (ලන්ඩනය). 2 ජූනි 2008. https://www.theguardian.com/commentisfree/2008/jun/02/1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2008. 
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bbc2014 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. "පැඩිංටන්ස් ෆයිනස්ට් අවර්". හාපර්කොලින්ස්. සම්ප්‍රවේශය 28 ජූනි 2017.

බාහිර සබැඳි