වසම (ජීව විද්‍යාව)

ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, සහ විශේෂය.
ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. වසම් කිහිපයකට ජීවය බෙදා ඇති අතර, තවත් සමූහයන්ට එවා බෙදී යයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්‍රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ) යනු, කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථිතිය වෙයි.

මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්‍රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.

වසම/ විජිතය

වසම්-තුනේ පද්ධතියක් අරභයා, "වසම" යන පදය පළමුවෙන් යෝජනා කරන ලද්දේ කාල් වොවුස්, ඔටෝ කැන්ඩ්ලර් සහ මාක් වීලිස් (1990) විසිනි. 1974 වසරෙහිදී මුවර් විසින් හඳුන්වා දුන් විජිතය (ලතින්. ඩොමිනියුම්) යන ප්‍රවර්ගයට පර්යාය ලෙසින් මෙම පදය නිරූපණය වෙයි.

වසම් තුනෙහි ගුණාංග

බැක්ටීරියාආකියායුකේරියෝටාඇක්විෆෙක්ස්තර්මටෝගාසයිටෝෆගාබැක්ටරොයිඩිස්බැක්ටරොයිඩිස්-සයිටෝෆගාප්ලෙන්ක්ටොමයිසිස්සයැනෝබැක්ටීරියාප්‍රෝටියෝබැක්ටීරියාස්පයිරෝකීට්ස්ග්‍රෑම්-පොසිටිව් බැක්ටීරියාකොළ ෆිලමෙන්ටොස් බැක්ටීරියාපයිරොඩික්ටිකම්තර්මොප්‍රෝටියස්තර්මොකොකස් චෙලර්මෙතනොකොකස්මෙතනොබැක්ටීරියම්මෙතනොසාර්සිනාහැලොෆිල්ස්එන්ටමීබාසෙවෙල දිලීර සූත්‍රිකාසත්ත්වයාදීලීරයශාකයසිලියට්ස්ෆ්ලෑජුලෙට්ස්ට්‍රිකොමෝනැඩ්ස්මයික්‍රොස්පොරීඩියාඩිප්ලෝමොනෑඩ්ස්
බැක්ටීරියා, ආකියා සහ, යුකේරියෝටා යන ශාඛා දක්වන ආර්එන්ඒ ජාන සඳහා කාල්පනික ගසක්


ආශ්‍රිත

  1. 1.0 1.1 1.2 වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම් (1990). "ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා". ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ. 87 (12): 4576–9. Bibcode:1990PNAS...87.4576W. doi:10.1073/pnas.87.12.4576. PMC 54159. PMID 2112744. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2010. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
  2. "ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස්". සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2015.
  3. මුවර් ආර්. ටී. (1974). "ප්‍රොපෝසල් ෆො ද රෙකග්නිෂන් ඔෆ් සුපර් රෑන්ක්ස්" (PDF). ටැක්සන්. 23 (4): 650–652. doi:10.2307/1218807. JSTOR 1218807. {{cite journal}}: Invalid |ref=harv (help)

බාහිර සබැඳි