මෙම ලිපිය |
වෙනස්කම් කිරීම |
---|
පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
සමලිංගිකභීතිකාව යනු සමලිංගිකතාව සහ සමලිංගිකයන් ලෙස හඳුනාගෙන ඇති හෝ තේරුම් ගෙන ඇති හෝ පුද්ගලයන් වෙත පවතින සෘණ ආකල්පයන් මාලාවකි. මෙහි අර්ථදැක්වීම් අනුව එය නිග්‍රහය, අගතිය, පිළිකුල, වෛරය හෝ විරුද්ධත්වය ලෙස නිර්වචනය කර ඇත, එය අතාර්කික බිය මත පදනම් විය හැකි අතර ආගමික විශ්වාසයන්ට ද සම්බන්ධ වේ.
මෙහිදි ප්‍රධාන වශයෙන් ලිංගික දිශාණතියට අනුව විෂමලිංගික නොවන පුද්ගලයන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය වෛරය දැක්වීම වැනි හැසිරීම් රටාවන් දැක්විය හැකිය. සමලිංගික භීතිකාවේ පිළිගත් වර්ග අතරට ආගමික සමලිංගික භීතිකාව, රාජ්‍ය අනුග්‍රහය දක්වන සමලිංගික භීතිකාව සහ සමලිංගික ආකර්ෂණය ඇති පුද්ගලයින් නොසලකා ඔවුන් අත්විඳින අභ්‍යන්තර සමලිංගික භීතිකාව ඇතුළත් වේ.
සමලිංගික භීතිකාව විවිධ විවිධාකාරයෙන් ඇති වන අතර, අභ්‍යන්තර සමලිංගික භීතිකාව, සමාජ සමලිංගික භීතිකාව, චිත්තවේගීය සමලිංගික භීතිකාව, තාර්කික සමලිංගික භීතිකාව ඇතුළු විවිධ වර්ග ගණනාවක් උපකල්පනය කර ඇත.
ලෝකයේ බොහෝ ආගම් තුළ සමලිංගික විරෝධී ඉගැන්වීම් අඩංගු වන අතර ඇතැම් ආගම් තුළ ඔවුන් වෙනස් කොට, මධ්‍යස්ථව හෝ තෙවන ලිංගභේදයක් ලෙස සඳහන් වේ. නමුත් සමලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන ඇතැම් ආගම් තුළ පවා, සමලිංගිකත්වය ධනාත්මකව බලන්නන් සිටින අතර, සමහර ආගමික නිකායන් සමලිංගික විවාහවලට ආශීර්වාද කරයි.
<ref>
ටැගය;
dictionary.com
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි