හැලී බෙරී | |
---|---|
උපත | මාරියා හැලී බෙරී අගෝස්තු 14, 1966 ක්ලෙව්ලන්ඩ්, ඔහියෝ, එ.ජ. |
නිවහන | ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා |
උගත් ශාස්ත්‍රාලය | Cuyahoga Community College |
රැකියාව | |
සක්‍රීය වසර | 1989 – වර්ථමානය තෙක් |
කලත්‍රයා(යන්) | ඩේවිඩ් ජස්ටිස් (වි. 1993; දි. 1997) එරික් බෙනට් (වි. 2001; දි. 2005) ඔලිවර් මාටිනස් (වි. 2013) |
සහකරුවා(වන්) | ගේබ්‍රියල් අවුබ්‍රි (2005–10) |
දරුවන් | 2 |
හැලී මාරියා බෙරී (අගෝස්තු 14, 1966) යනු අමෙරිකානු ජාතික රංගන ශිල්පිනියක්, චිත්‍රපටි නිෂ්පාදිකාවක් සහ හිටපු මෝස්තර නිරූපිකාවක් වේ. ඇය විසින් රංගනයෙන් දායක වූ ප්‍රේමණීය නාට්‍යයක් සේ සැළකුණු මොන්ස්ටර්'ස් බෝල් (2001) නාට්‍යය සඳහා, 2002 වර්ෂයේදී ඇය හොඳම නිළිය වෙනුවෙන් වූ ඇකඩමි සම්මානයක් දිනාගැනීමට සමත් වූවාය. එසේ හොඳම නිළිය වෙනුවෙන් වූ ඇකඩමි සම්මානයක් හිමිකරගත් අමෙරිකානු සුදු ජාතික නොවූ එකම කාන්තාව (2016 වන විටදී) ලෙස ඇය සැළකේ.
2000 දශකයේ හොලිවුඩයේ වැඩිම ගෙවීමක් ලද රංගන ශිල්පිනයක් වූ බෙරී, ඇය විසින් රංගනය එක් කල සිනමා පට කිහිපයක් නිෂ්පාදනය කිරීමටද දායක වූවාය. රංගන ශිල්පිනියක් වීමට පෙරාතුව, නිරූපිකාවක් වූ ඇය රූප සුන්දරී තරග සඳහාද ඉදිරිපත් වෙමින් 1986 මිස් යූඑස්ඒ දෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. එම වසර වෙනුවෙන් පැවැත්වූ ලෝක රූ රැජිණ තරගයේ හයවන ස්ථානයද ඇයට හිමිවිය.