රමළාන් | |
---|---|
Observed by | මුස්ලිම් |
Type | Religious |
Celebrations | දින තිහක උපවාසය, ලෙයිලතුල් කද්ර් රාත්‍රිය හා රමළාන් අවුරුදු උත්සවය |
Observances |
|
Begins | 1 රමළාන් |
Ends | 29 or 30 Ramadan |
Date | රමළාන් මස 1 සිට 29 හෝ 30 වනදා දක්වා |
Frequency | වසරක් පාසා (චන්ද්‍ර දිනදසුන) |
Related to | ඊදුල් ෆිත්ර්, ලෙයිලතුල් කද්ර් |
රමළාන් (අරාබි: رمضان Ramaḍān, IPA: ;) ව්‍යවහාරිකව රාමසාන් යනු ඉස්ලාමීය දින දසුනේ නවවැනි මාසයයි. මෙහි විශේෂත්වය වන්නේ මුස්ලිම්වරුන්ගේ දින 30ක උපවාස කාලය මෙම රමළාන් මාසය වීමත්, මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන කුර්ආනය සර්වබලධාරි අල්ලාහ් දෙවියන් විසින් පුදකෙරුණු ලැබූ මාසය වීමයි. වසරක් පාසා මුස්ලිම්වරු රක්ෂා කරන අනිවාර්ය උපවාසය යෙදී තිබෙන මෙම මාසය ආරම්භ වන්නේ ෂඃබාන් මාසය අවසන් වී මෙම මාසය සදහා චන්ද්‍රකලාව නැරඹීමෙන් අනතුරුවය.