Ayurveda (Development)

ආයුර්වේදයෙහි වර්ධනය

බුදුන්ගේ සමයෙහි (බු.ව 520 කාලයේදී) ආයුර්වේද ක්‍රම වේදයන් වඩාත් පෝෂණය වු අතර මේ කාල සීමා වලදී ආයුර්වේ වෛද්‍ය වරුන් රසදිය සහ සල්ෆර් අන්තර්ගත ඖෂධ වර්ග භාවිතා කරන ලදී. මේ කාලයේදී රසදිය, සල්ෆර් සහ අනෙකුත් ලෝහ වර්ගයන් ශාකමය ඖෂධ හා සංකලනය කරමින් විවිධාකාර ඖෂධයන් නිෂ්පාදනය කෙරුණි. මේ කාලයේ දී විසූ වැදගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වන්නේ නාගර්ජුනය. ඔහු ශාකසාර ඖෂධ භාවිතා කරමින් විවිධ රෝග සදහා ප්‍රතිකාර ක්‍රම සොයා ගත්තේය. නාගර්ජුන විසූ කාලයේදී සූර නන්ද, නාග්බෝධි, යශෝධාන, නිත්‍යනාග, ගෝවින්ද, අනත්දේව් සහ වාග් බට්ට යන අයද වාසය කළහ. ආයුර්වේදය පිළිබද දැනුම මේ කාලය තුළදී වැඩි දියුණු වු අතර මෙහිදි නවතම සහ වඩාත් කාර්යක්ෂම ඖෂධ වර්ග නිෂ්පාදනය වුණි. ඒනිසා මේ කාලසීමාව ආයුර්වේදයෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වේ. අශෝක අධිරාජ්‍යය‍ා (බු.ව 304 – 232) විසින් කාලිංඝ යුද්ධයේදී ලබාගත් ජයග්‍රහණයත් සමගම බුදු දහමින් ලැබු ඉගැන්වීම් වලට අනුව තම රාජධානිය තුළ කිසිදු ලේ සැලීමක් සිදු කිරීම බු.ව 250 දී තහනම් කරන ලදී. මේ නිසා ශල්‍ය කර්ම ක්‍රම සිදු කරන ලද ආයුර්වේද වෛද්‍ය වරුන්ට සැත්කම් ක්‍රම අත්හැරීමට සිදු වු අතර ඔවුන් ඒ වෙනුවට නවතම විකල්ප වෛද්‍ය ක්‍රම භාවිතා කරන ලදී. මේ කාලයේ දී ආයුර්වේද ක්‍රමය නැවත වරක් නව ඖෂධ වර්ග, නව ක්‍රම වේදයන් සහ නව සොයාගැනීම් වලින් ස්වයංපෝෂිත විය. මේ කාලයේ දී ශල්‍ය වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් භාවිතයට නොගන්නක් බවට පත්වුණි.

චන්ද්‍ර ගුප්ත මෞර්ය (ක්‍රි.ව 375 – 415) සමයෙහිදී ඉන්දීය වෛද්‍ය ක්‍රමවේදයන්හි ප්‍රධාන ‍ෙකාටසක් ලෙස ආයුර්වේදය සැලකු අතර බ්‍රිතාන්‍යයන් එරට තුළ ජනාවාස ඇති කර ගන්නා තුරුම එය එසේ පැවතිණි.

චක්‍රපානී දත්ත (දත්ත ශර්මා) යනු බෙන්ගාලයෙහි විසු වේද බ්‍රාහ්මණයෙකු වන අතර ඔහු චක්‍රදත්ත නමින් ආයුර්වේද ග්‍රන්ථයන් රචනා කරන ලදී. චක්‍රපානි දත්ත මහා ලක්ෂ්මන් සෙන් රජුගේ රාජ්‍ය වෛද්‍ය වරයා විය. ඇතැම් අය විශ්වාස කරන අන්දමට චක්‍ර දත්ත ආයුර්වේදයෙහි හරය ලෙස හැදින්වේ.

බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව පාලනය කරන සමයේදී බටහිර වෛද්‍ය ක්‍රමයන් බහුලව ව්‍යාප්ත වුවද ඉන්දියානුවන් විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයන් සුරක්ෂිතව භාවිතයට ගන්නා ලදී. දශක ගණනාවක් මුළුල්‍ලේ විවිධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල කීර්තිය සහ හැකියාවන් කැපීපෙන ලෙස පිරිහීමට ලක්වූයේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතයට ගන්නා රෝහල් බිහිවීමත් සමගමය. කෙසේ නමුත් 1970 මුල භාගයේ සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වටිනා‍කම පිළිබදව ක්‍රමයෙන් අවබෝධ වීමට පටන් ගත් අතර අද වන විට ඉන්දියාව පුරාම ආයුර්වේද රෝහල් සහ වෛද්‍ය වරුන් වඩාත් වැඩි වශයෙන් බිහිවෙමින් පවතී. එමෙන්ම ශාකසාර ඖෂධ නිෂ්පාදනය සහ අලෙවි කිරීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඒවායෙහි ප්‍රතිලාභ පිළිබදව විද්‍යාත්මක සාක්ෂි පවතී. මේ වන විට ලොව පුරාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිතයට ගැනේ.